අප්‍රේල් 11 වන අද දින අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
යතුරුපැදියක් සමග සැක කටයුතු පුද්ගලයෙක් රැඳී සිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ.
රාගම රෝහලට තුවාල ලැබූ සැකකරු ඇතුළත් කර ඇති බව වැඩිදුර වාර්තා වේ.


