අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද සිට ප්‍රතිලාභීන් සඳහා ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
එම මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව දන්වා ඇත.
එමෙන්ම මෙම මාසයේ සිට 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා සදහා ගෙවීම් ආරම්භ කර ඇති බවද සඳහන් කර ඇත.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහත් ලක්ෂ 37,141ක් සඳහා රුපියල් බිලියන 12යි දශම6යි 3ක් වෙන්කර ඇත.
එමෙන්ම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන්ලක්ෂ 80,944ක් සඳහා රුපියල් බිලියන 2යි දශම 9ක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව වැඩිදුර දන්වා ඇත.


