මිද්දෙණිය නගර මධ්‍යයේ අද (08) පෙරවරුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් පැවැත්වී ඇත. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කළ බව සඳහන් කර ඇත. පසුගියදා, අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රදේශයේ ඉඩමක සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


