අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ඇති අතර, ත්‍රිපෝෂ සංස්ථාව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පවරා ඇත. සැලසිනේ මීඩියා සොලියුෂන්ස් ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇති අතර, ලංකා විදුලිබල සමාගම ‘සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම’ ලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.


