ආපදාවන් නිසා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

template 33

මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි දැක්වෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

එසේම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 කට අයත්, පවුල් 61,175 ක පුද්ගලයින් 219,282 ක් පීඩාවට පත්ව ඇති බවද එම වාර්තාවේ සඳහන් වනවා.

මේ වන විට, රට පුරා ආරක්ෂිත ස්ථාන 266 ක පුද්ගලයින් 18,443 ක් රැඳී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *