කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්

template 40

කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත.

ඒ අනුව, කඩුවෙල – මාලබේ,  අතුරුගිරිය –  මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ.

අදාළ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස  කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *