දකුණු අප්‍රිකාවේ නේවාසිකාගාරයක වෙඩිතැබීමක්

දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි නේවාසිකාගාරයක අද (06) වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවෙකු ඇතුළු 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීම සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවය.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *