25,000 දීමනාව 87%කට ලබාදී අවසන්

250001111

25,000 දීමනාව 87%කට ලබාදී අවසන්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවයි.

දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල් 25,000ක (විසි පන්දහසක) දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 450,225ක ප්‍රමාණයෙන් 87.4%ක පිරිසකට එම මුදල ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම්ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන් වනවා.

එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක ප්‍රමාණයෙන් 14.9%ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට හැකිවී ඇතැයි එම අමාත්‍යංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *