කොළඹ අයවැය ඩීල් එකක්ද? මුජිබර්ගෙන් පැහැදිලි කිරීමක්
කොළඹ මහ නගර සභාවේ අය වැය දෙවන වර කියැවීමේදී පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලැබූ අයුරු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැහැදිලි කර තිබෙනවා.
ඊයේ (31) දිනයේ පැවැත්වූ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර කියැවීම ජයග්‍රහණය කර ගැනීම සඳහා ආණුඩුව විසින් යම් යම් ක්‍රියාමාර්ග ගත් බවත්, ඡන්ද විමසීම පැවැති අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක් ද පැමිණ නොසිටි බවත්, එම මන්ත්‍රීවරයා ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අනිවාර්යෙන්ම සහභාගී වන බව මීට පෙර ප්‍රකාශ කර සිටි බව ද පැවැසූ බවයි.
එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොසිටීම, ඉන් දෙදෙනෙක් සභාවටත් නොපැමිණි අතර එක් අයෙකු සභාවට පැමිණ මුත් ආපසු හැරී යාම, ඒකබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරියක් ආණ්ඩුවට පක්ෂව ජන්දය දීම යන කාරණා හේතුවෙන් මෙම ජයග්‍රහණය ආණ්ඩුව විසින් ලබාගත් බවත් ඔහු චෝදනා කරනවා.
ආණ්ඩුව විපක්ෂයට ‘සුන්බුන් විපක්ෂය’ යනුවෙන් හැඳින්වූ නමුත්, එම සුන්බුන් විපක්ෂයේ එක මන්ත්‍රීවරියක් විසින් ජන්දය ලබාදීම නිසා කොළඹ අයවැය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව හැකියාව ලැබූ බවද ඔහු පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“විපක්ෂයේ දෙදෙනෙක් ආවේ නෑ. ඉන් එක්කෙනෙක් සමගි ජන බලවේගයේ. අනෙක් කෙනා නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ පක්ෂයේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් සභාවට ඇවිත් ඡන්දය නොදී නැගිටලා ගියා.
මුස්ලිම් කොංග්‍රසයේ එක්කෙනා මාලිමා පැත්තට ඡන්දය දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වැඩි වුණේ එක ඡන්දයයි. ඒගොල්ලන්ගේ 57ක් තිබුණ එක 58 වුණා. ඒ වුණේ අපේ විපක්ෂයේ එක ඡන්දයකින්. ඩීල් තමයි ඉතින්.
පක්ෂයේ තීන්දුවට පිටින් ඡන්දය දෙනවා කියන්නේ ඉතින් ඩීල්නේ. මුස්ලිම් කොංග්‍රසය
අවශ්‍ය පියවරක් ගනී. විපක්ෂව ඡන්දය දීලා තියෙන්නේ එයාලගේ පක්ෂයේ කෙනෙක්. අපේ කෙනෙක් නෙමෙයි. සමගි ජන බලවේගයේ කෙනෙක් සභාවට ආවේ නැහැ. එයාට සජබ පියවර ගන්නවා අනිවාර්යයෙන් ම.”


