ජොන්ස්ටන්ගේ පුතාව බලන්න ආපු නාමල් කියපු දේ
ආණ්ඩුව විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොකරන බවට පෙනී යන බවත්, ආණ්ඩුව ලක්ෂ ගණනක් වියදම් කරමින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව සෙවීම ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මෙතක් කාලයක් තම පක්ෂයේ බහුතරයක් දෙනා අධිකරණය හෝ පොලිසිය මඟ නොහැරී බවත්, තම පක්ෂයේ පිරිස ජනතා විමුක්ති පෙරමුණ මෙන් පොලිස් නිලධාරීන් දුටු පමණින් දිව යන පිරිසක් බව පොලිසිය සිතා ඇති බවත් ඔහු චෝදනා කරනවා.
පසුගිය ආපදා තත්වය හේතුවෙන් මියගිය ජීවිත ආණ්ඩුව විසින් විහිළුවට ගන්නා බවත්, එවැනි දේවල් වසාගැනීම සඳහා අද වන විට මහා පරිමාණ වංචා යනුවෙන් ව්‍යාපාර ආයතනයක් මඟින් සිදූවූ ලක්ෂ දෙකහාමාරක පමණ ගනුදෙනුවකට ‘මහා පරිමාණ ගනුදෙනුවක්’ යනුවෙන් හඳුන්වන බවද ඔහු කියා සිටියා.
මන්ත්‍රීවරයා චෝදනා කළේ, ආණ්ඩුවට විගණකාධිපතිවරයෙක් පත් කිරීමට තවමත් නොහැකි වී ඇති බවත්, එසේ තිබියදී කැබ් රථ මෙරටට ආනයනය කිරීම, කන්ටේනර් නිදහස් කිරීම, හාල් ආනයනය කිරීම වැනි දේවල් සිදු කරන බවයි.
ජනාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය විගණකාධිපතිවරයාව පත් කිරීමට හේතුව කැබ් රථ 1700ක් ආනයනය කිරීමේ ටෙන්ඩරය ලබාගැනීම සඳහා දරණ උත්සහයක් යැයි තමා සැක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


