ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න – මිහින්තලේ හිමි
‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැලවත්තේ සිට විවිධ පාර්ශ්වවලට අවශ්‍ය පරිදි ලියූවක් බවත්, අධ්‍යාපනය යනු එවැනි ආකාරයට විවිධ පාර්ශ්වවලට වුවමනා ලෙස සකස් කළ යුත්තක් නොවන බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
අලුතින් හඳුන්වාදුන් 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ස්ථාන තුනක දෝෂයක් හේතුවෙන් පාඩමක සඳහන් අධ්‍යාපනික යෙදුම වෙනුවට සමලිංගික ප්‍රජාවට අදාළ වෙබ් අඩවියක නාමයක් සඳහන් වී තිබීම සම්බන්ධයෙන් ධම්මරතන හිමියන් අදහස් දක්වා තිබුණා.
එහිදී උන්වහන්සේ චෝදනා කළේ, පියයුරු එළියෙ දමාගෙන බටහිර පන්නය උපයෝගී කර ගනිමින් කරන ලද පෙරහැරක් ගාල්ලේ සිට කොළඹට පැමිණියහොත් ලෝකයම ලංකාවට ගෙන්විය හැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වත්මන් ආණ්ඩුව පැමිණීමට පෙර පැවසූ බවත්, පාසල් ළමුන්ට කොන්ඩම් ලබාදීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා යෝජනා කළ බවත්, එවැනි ආකාරයට 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීම බාල අපචාරයක් බවයි.
ආණ්ඩුවේ පිරිසට දරුවන් නොමැති නිසා දරුවන් ‘මරුවන්’ ලෙස දකින බවත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට අවශ්‍ය මෙය නීතිගත කරමින් රටේ ළමා පරපුර විනාශ කිරීම බවද උන්වහන්සේ පවසනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 160 දෙනාම අත්අඩංගුවට ගත යුතු බවද, ජනතාව විසින් ජාතික ජන බලවේග ආණ්ඩුව පත් කරනු ලැබුවේ රටේ දරු පරපුරව බාල අපචාරයට ලක් කිරීම උදෙසාද යන්න වග උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.


