හරිනි වහාම ඉල්ලා අස්වෙන්න – නාමල්

harini 2

හරිනි වහාම ඉල්ලා අස්වෙන්න – නාමල්

ආණ්ඩුව බිය විය යුත්තේ ආණ්ඩුවටම බවත්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කළ පොත්වල තිබෙන
අන්තර්ගතයන් පිළිබඳ ආණ්ඩුවට දැනුවත්භාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ ආකාරයට ආණ්ඩුව පවත්වාගෙන ගියහොත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව රැගෙන ගිය ආකාරයට
ලංකාව ඉදිරියට පත් වන බවද ඔහු සඳහන් කළා.

අවංකවම අග්‍රාමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ ගැනීමට හැකියාවක් තිබේද යන්න
පිළිබඳව තමාට ගැටලුවක් ඇති බවත්, බැලූ බැල්මට අග්‍රාමාත්‍යවරි අසරණ වී ඇති බවක් පෙනී යන බවත් ඔහු එහිදී කියා සිටියා.

වත්මන් ආණ්ඩුව තමන්ගේ වැරදි නිලධාරීන් පිට පටවන්න ඉතාමත් දක්ෂ බවද ඔහු සඳහන් කළා.

තමා දන්නා තරමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කැඳවීමක් සිදු කර නොමැති බවත්, එවැනි කැඳවීමක් සිදුකර තිබේ
නම් ඔහු නිසැකවම පැමිණෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණ මෙන් පොලිසිය දුටු පමණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් පැන නොයන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළා.

අධ්‍යාපනයට සිදු කළ විනාශයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ඉල්ලා අස් විය යුතු බවද ඔහු එහිදී ඉල්ලීමක්ද සිදු කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාවත් අත්අඩංගුවට ගන්න උත්සහ කරනවා කියලා තියෙනවා.
ඒවගේම පුතාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇමතිතුමාගේ පුතාව හොයාගෙන ඔච්චර දුර ගියේ ඇයි? මම දැක්කා අපේ මල්ලිව හොයාගෙන බෙලිඅත්තටම ගියා.
එයා ඉන්නේ කොළඹ. බෙලිඅත්තේ යන දවසක් බලලා පස්සෙන් ගියා. වාහනවල තෙල් ටික ගහගෙන ට්‍රිප් යන්න ආසාවටද මන්දා. එන්න කිව්වා නම් එනවා. ආයේ හැඟෙන්න දෙයක් නෑ.
මම දන්න තරමට එන්න කියලා නැ. ජොන්ස්ටන් ඇමතිතුමාගෙ පුතා කොළඹ ඉන්න දවසක් බලලා එන්න තිබ්බනේ. කුරුණෑගල ඉන්න දවසක් බලලා යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *