කුවේණියෙන් නාඩගමින් බැසයන චන්ද්‍රසේනයන්
ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71ක්.
ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්.
1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීයි.
එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ ඔහු, පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණා.
නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමින්.
2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.
එතැන් පටන් ඔහු අතින් ලියැවුණු කූවේණි, නාඩගම් ගීය , රාධාවනී,රහත් හිමිවරු මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණා.
නූතන පරම්පරාවට නුහුරු නපුරුදු වචන සහිතව ගීත ලියු චන්ද්‍රසේනයන්ගේ ගීත තරුණ තරුණියන්ගේ මුවඟ නිරත රැඳෙන ගීත බවට පත් වුවා


