පුතා යන්නලු තාත්තා ඉන්නලු

mahinda news webs

පුතා යන්නලු තාත්තා ඉන්නලු

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය නොයුතු බව හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව සෑම
ක්ෂේත්‍රයකටම අතපෙවීමට යාමෙන් කටයුතු අවුල් කරගෙන ඇති බවයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය නොයුතු බවට මහින්ද රාජපක්ෂ
මහතා පැවසුවද, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුව ඇති බව කියන විනාශය හමුවේ අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පවතින තත්ත්වය මත
අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලය තුළ තීන්දු තීරණ ගැනීමේදී අසරණ වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බවයි.

එමෙන්ම ආණ්ඩුව යම් උත්සාහයක නිරත වුවද, ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහොමයක් අසාර්ථක වී ඇති බව
මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ආණ්ඩුවේ පවතින හොඳ පැති දකින්නේ නැද්ද යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට
පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, “එයාලා මහන්සියක් ගන්නවා, නැත්තේ නැහැ. හැබැයි ඉතින්
කරන වැඩ ඔක්කොම ෆේල්. ආණ්ඩුවේ සමහර හොඳ දේවල් තිබුණත් වැඩියෙන්ම තියෙන්නේ නරක පැති.”
යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *