ට්රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජමය සබඳතා පවත්වනු ලබන සෑම රටකම භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා.
මෙම නව තීරු බදු පැනවීම වහාම ක්රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ට්රම්ප් පවසා ඇත්තේ, ඉරාන පාලනය විසින් එරට විරෝධතාකරුවන් ඝාතනය කිරීමට පියවර ගතහොත් අමෙරිකාව මිලිටරිමය වශයෙන් මැදිහත් වීමට සූදානම් බවයි.


