මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක්

mm

මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක්
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින් මෙම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති Grok AI භාවිතයෙන් නිර්මාණය කළ ලිංගික රූප විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වීම හේතුවෙන් මහජනතාව අතරත් දේශපාලන වටාපිටාව තුළත් දැඩි විරෝධයක් මතුවීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව Ofcom සඳහන් කර තිබුණා.

මෙම පරීක්ෂණය Online Safety Act පනත යටතේ සිදු කෙරෙන අතර, එම නීතිය උල්ලංඝනය වී ඇති බව තහවුරු වුවහොත් දැඩි දඩ මුදල්, සේවා සීමා කිරීම් මෙන්ම බරපතළ අවස්ථාවලදී බ්‍රිතාන්‍යය තුළ අදාළ යෙදුම් සහ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම තහනම් කිරීම ද ඇතුළුව දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් වනවා.

“Online Safety Act යටතේ X වේදිකාවට පවතින නීතිමය වගකීම් ඉටු කර නොමැතිද යන්න තහවුරු කිරීම සඳහා අපි නිල පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළෙමු” යැයි Ofcom ප්‍රකාශකයෙකු පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *