තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි

jagathhhh

තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි

තොරතුරු දැනගැනීමේ කොමිසමේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි.

නීතිඥ ජගත් ලියනාරච්චි මහතා අවුරුදු 10 කට ආසන්න කාලයක් තොරතුරු දැනගැනීමේ ක්ෂේත්‍රයේ බොහෝ කැපවීමෙන් වැඩ කරමින් සිටියේය. ඔහු තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කරන කාලයේ සිටම මේ ක්ෂේත්‍රයේ වැඩ කළ අතර, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ක්‍රියාන්වීතයේ ඕනෑම අංශයක් පිළිබඳ හසල අවබෝධයක් සහිත ප්‍රමුඛ විශේෂඥයකු වී සිටියේය.

ඔහුගේ ඉවත්ව යෑම තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉමහත් පාඩුවක් හා අභියෝගයක් බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *