නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2021 වර්ෂයේදී රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඉදිකිරීම් සැලසුමක් අනුමත කිරීමේදී, නීතිගත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අදාළ අයදුම්කරුට අයුතු වාසියක් සලසා දීම සහ ඒ හරහා “දූෂණය” නමැති වරද සිදු කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


