– මියා කලීෆාගෙන් සංවේදී ප්‍රකාශයක්

99

මගේ බදු මුදලින් මගේ මව්බිමටම බෝම්බ හෙලනවා බලා සිටිය නොහැකියි – මියා කලීෆාගෙන් සංවේදී ප්‍රකාශයක්
දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව දැඩි ලෙස හෙළා දකිමින් ලෙබනන සම්භවයක් සහිත ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන මියා කලීෆා අතිශය සංවේදී ප්‍රකාශයක් නිකුත් කර තිබේ. සටන් විරාමයක් පවතින මොහොතක මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ නිවාස, පාසල්, රෝහල් සහ සුසාන භූමි ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල වී ඇති බව පෙන්වා දෙන ඇය, මේ හරහා එරට දැඩි මානුෂීය අර්බුදයකට ඇද දමා ඇති බව අවධාරණය කරයි.
ඇය සිය එක්ස් (X) ගිණුම හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමන් අමෙරිකාවට ගෙවන බදු මුදල් යොදාගෙන තමන්ගේම මව්බිමට මෙලෙස බෝම්බ හෙලන ආකාරය බලා සිටීම අතිශය කනගාටුදායක සහ බිහිසුණු අත්දැකීමක් වන බවයි. මෙම විනාශය නතර කරන්නේ කවදාදැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ප්‍රශ්න කරන ඇය, පවතින උණුසුම් වාතාවරණය හමුවේ ලෙබනන ජනතාව විඳින පීඩාව ලෝකය හමුවට ගෙන යාමට ගත් මෙම උත්සාහය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇත. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඊශ්‍රායල අමාත්‍ය අමිචයි චික්ලිගේ දැඩි ප්‍රකාශ හමුවේ මැදපෙරදිග යුද්ධය තවදුරටත් උත්සන්න වී ඇති මොහොතක ඇයගේ මෙම ප්‍රකාශය ලෝක අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

 

  • AJ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *