ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීලා
වාලච්චේන පොලිස් වසමට අයත් ඔට්ටමාවඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
කලක් තිස්සේ පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වනවා.
එහිදී අදාළ ගුරුවරයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා වාලච්චේන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් පහරදීම සිදුකළ සැකකරු මේ වන විට සැඟව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.


