පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන

පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.‍

ඒ, එම නිලධාරින් අද (29) ගම්පහ අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මේ වනවිට ඊට අදාළ නඩුව විභාග කෙරෙන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *