මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හමුවේ බලශක්තිය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍යවරයා පවසයි.

po

මැද පෙරදිග යුද්ධය මගින් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් ඉල්ලකර ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිලද ඉහළ ගොස් ඇති බව වෙළඳ වාණිජ හා සමුපකාර අමාත්‍යය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ ආයතන හරහා ද භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවත් රට තුළ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනය කිරීමට මේ වන විට පූර්ණ සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍යවරයා අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

යල කන්නයට අවශ්‍ය පොහොර , මස් සහ බිත්තර සම්බන්ධයෙන්ද කටයුතු කරන අතර අපනයනය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට සැලසුම්ද ක්‍රියාත්මක කරමින් සිටින බවත් ලෝකයේ තත්ත්වය හමුවේ දැනෙන උණුසුම ලංකාව තුළටත් ඇතිවන බැවින් ඊට මුහුණ දිය හැකි සැලසුම් ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.
විවිධ අර්බුද අවස්ථාවලදී ලෝකෙ අනෙකුත් රටවල් ගනුු ලබන work from home වැනි විවිධ ක්‍රියාමාර්ග දැනට මේරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන අතර ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවද අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පවසයි.

බලශක්තිය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට ඉදිරියට ගමන් කර හැකි වාතාවරණය නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවත් ගෑස් ගබඩාවක් ඉදිකිරීමට හා සපුගස්කන්ද හා මුදුරාජවෙල තෙල් ටැංකි ඉදිකරනවා සේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහය නවීකරණය කිරීමට කටයුතු කරන බවත් පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

 

Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *