ඉන්ධන සම්පත නොමැති සෑම රටකටම පවතින යුද ගැටුම් තත්ත්වය හමුවේ වර්තමානය ඇතිව තිබෙනන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවත් කුමන ගැටලුවන් පැවතියද ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාවන් සිදුකිරීමට කිසිවිටක කටයුතු නොකරන බව සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් QR Code එක හඳුන්වා දුන්නද එය මේ වනතෙක් නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජනතාව ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත් අද දිනයේදී අනවශ්‍ය ඉන්ධන පෝලිමක් නිර්මාණය වී ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.
කෘෂිකර්මාන්තය හා ඉදිකිරීම් කටයුතු සඳහා රජය ක්‍රියාත්මක කළ QR Code හා එම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂයක් ලෙස කිසිවිටක වත්මන් ගැටලුකාරී තත්ත්වය ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.
පසුගිය රජයන් සමයේ ඇතිවූ සියලු විපත්වල දී රට ගොඩනැගීමට කටයුතු නොකොට රටේ ජනතාව මුලා කරමින් විවේචන සිදු කළ වත්මන් රජයට සිදුව ඇත්තේ ” දිට්ඨධම්මවේදනීය කර්මය ” පලදීමක් බව ද මන්ත්‍රීවරයා පවසයි.
විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් වත්මන් රජයේ නිසි වැඩපිළිවෙළක් නොතිබීම හා ගල් අඟුරු මාෆියාව හේතුවෙන් ඉදිරියේදී රට තුළ බරපතල බල ශක්ති අර්බුදයකට මුහුණදීමට සිදුවන බවත් එමගින් ජනතාවපිට විශාල බරක් පැටවෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.
සංස්කෘතික බැඳීමක් නොමැති වත්මන් රජයේ නිරාගමික කණ්ඩායම මගින් සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බවත් මේ වන විට රජයේ වගකීම විපක්ෂයට සිදු කිරීමට සිදුව ඇති බවත් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.
Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)


