ලෝකය පත්ව ඇති ඉන්ධ අර්බුදය හමුවේ මෙරට ඉන්ධන කළමනාකරණය සඳහා QR Code එක හඳුන්වාදීමට රජය කටයුතු කළ බවත් මෙරට ඉහළම සංස්කෘතික මංගල්‍යය වන සිංහල දමිල අලුත් අවුරුදු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

oil

ලෝකය පත්ව ඇති ඉන්ධ අර්බුදය හමුවේ නිසි වැඩපිළිවෙළක් අනුව කළමනාකරණය කලයුතුව පවතින බවත් ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් QR Code එක හඳුන්වාදීමට කටයුතු කළ බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
කිසිදු අපහසුතාවයකින් තොරව සෑම පුරවැසියෙකුගෙම ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට රජය සහතික කළ යුතු බවත් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට දේශපාලනඥයන් ලෙස කටයුතු කරන අතර එම ආදර්ශය අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් හා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පවසයි.
මැද පෙරදිග පවතින තත්ත්වයට අනුව කටයුතු කිරීමට රජය පියවර ගන්නා බවත් ආර්ථිකය සම්බන්ධයෙන් අවාසිදායක තත්ත්වයන් ඇති නොවීමට කළමනාකරණය කිරීම රජයේ මූලික කටයුත්ත බවත් දිට්වා කුනාටුවෙන් රටට හා ආර්ථිකයට සිදු දැවැන්ත බලපෑම රජය කළමනාකරණය කිරීමට සමත් වූූ බවත් ඒ අනුව වත්මන් තත්ත්වය හමුවේද කළමනාකරණය කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පවසයි.
ජල බිල මාස පහකින් පමණ නැවත සංශෝධනය වුව ද බලශක්තිය සම්බන්ධයෙන් රජයට දැක්මක් ඇති බවත් වර්තමාන යුද ගැටුම් හමුවේ ඉදිරි කාලය සුභදායී ලෙස බලාපොරොත්තු වුවද ඇතිවිය හැකි නරකම තත්ත්වයන්ට සූදානම් වන බවත් අමාත්‍යවරයා පවසයි.
අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්‍ෂයට මේ වන විට සටන් පාඨ නොමැති වීම හේතුවෙන් ජනතාවට දැනෙන ආගම , සංස්කෘතිය හා ජාතිය පිළිබඳව මාතෘකා ගෙන එන බවත් සිංහල අලුත් අවුරුද්ද යනු ප්‍රධානම සංස්කෘතික මංගල්‍යයක් බවත් එම සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඉහලින්ම සැමරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය බැඳී සිටින බවත් එහි කිසිදු අඩුපාඩුවකින් තොරව සැමරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

 

Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *