මේ දිනවල සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර හැඟීම් ද සිදුවන බැවින් ඉන්ධන ලබාදීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

ed

රජය විසින් ඉන්ධන සඳහා හදිසියේම QR code එක පැනවිමත් සමඟ ගුරුවරුන්ට මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රජය විසින් ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එම ගුරුවරුන්ට අවශ්‍ය සතියක ඉන්ධන ලබා ගැනීම සඳහා නිවාඩු දමා ඉන්ධන පෝලිම්වල ගත කිරීමට ගුරුවරුන්ට සිදුව ඇති බවත් මේ දිනවල සිදුකෙරෙන සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන්ද ගුරුවරුන්ට ගැටළුවක් වී ඇති බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සපයන සිසු සැරිය බස් රථ සම්බන්ධයෙන්ද ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් දරුවන්ට ද ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවත් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව රජයේ අවධානය යොමු කොට සහන ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවද ඒ මහතා පවසයි.

ඉන්ධන අර්බුදය ත්‍රිවුර කිරීමට ආණ්ඩුවේ ප්‍රකාශද බලපා තිබෙන බවත් පවතින අර්බුදය පිළිබඳව සියලු ජනතාවට සත්‍යය ප්‍රකාශ ප්‍රකාශ කිරීමත් රජය ගනු ලබන තීන්දු තීරණ කඩිනමින් ගන්නේ නම් ජනතාවට දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු නොවන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

 

Ishan Kaluarachi (අනුරාධපුර වාර්තාකරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *