අනුරාධපුර කොරකහවැව වැවත් සිඳී යයි…කුඩා වැව් සිඳී යාමත් සමග ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියම කාලය එළැඹ ඇති බව ගොවීන් පවසයි.
දිවයින පුරාම එල්නිනෝ තත්ත්වයේ බලපෑමත් සමඟ ප්‍රදේශ රැසක කුඩා වැව් සිඳී යාමේ අවදානමකට ලක්ව ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා වැව් රැසක් මේ වන විට සිඳී යමින් පවතී.
අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි කොරකහවැව වැවද මේ වන විට සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබේ.
වැව සිඳී යාමත් සමඟ වැව යටතේ වගා කර ඇති කුඹුරු විශාල ප්‍රමාණයකට අවශ්‍ය ජලය ලබා ගැනීමේ ගැටලුවකට ගොවීන් මුහුණ දී සිටින අතර, ප්‍රදේශයේ වෙසෙන වන සතුන් ඇතුළු සිව්පා සතුන්ටද පානය සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම දුෂ්කර වී තිබේ.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙලෙස කුඩා වැව් සිඳී යාම හේතුවෙන් ඉදිරියේදී කෘෂිකර්මාන්තයට මෙන්ම ජනතාවගේ දෛනික ජල අවශ්‍යතා සහ වන සතුන්ගේ ජල අවශ්‍යතා සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු මතුවිය හැකි බවයි.
මේ අතර, වැව් සිඳී යන වර්තමාන තත්ත්වය වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගැනීම වැදගත් බව ගොවීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික්කයේ සියලුම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම වැව්වල රොන්මඩ ඉවත් කර ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.
මේ අතර, ඉදිරි කාලයේදී පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමකට ලක්විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


