ආපදාවට ලක්වූ විදේශිකයින් සඳහා වීසා පහසුකම්

template 37

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ.

1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා නිසාවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සැලසීම.

2. මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව තව දුරටත් විසා කාලය දිගු කරගැනීමට බලාපොරොත්තුවන විදේශිකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරියට දින 07ක කාලයක් සඳහා දඩ අයකිරීමකින් තොරව වීසා දීර්ඝ කරගැනීම සදහා සහන කාලයක් ලබා දීම.

3. කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත ද්වාරය හරහා සිදුකළ හැක: https://eservices.immigration.gov.lk/vs/login.php

Leave a Reply

Your email address will not be published. Required fields are marked *