කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට යා හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන

template 43

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ඉවත් කරන ජනතාව රඳවා තැබීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන රැසක් පිහිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසනවා.

ඒ අනුව ඉවත්වීමේ සහ අවධානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව එම මධ්‍යස්ථානවලට යොමුවී ආරක්ෂිතව රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 20ක් වන අතර එම සුරක්ෂිත මධ්‍යස්ථාන පහතින්.

* මෝදර ආනන්ද මහා විද්‍යාලය

* මට්ටක්කුලිය සම්මන්ත්‍රණපුර සර් රාසික් ෆරීඩ් බාලිකා විද්‍යාලය

* මට්ටක්කුලිය ශාන්ත ජෝන් විද්‍යාලය

* මට්ටක්කුලිය ශාන්ත මරියා විද්‍යාලය

* අලුත් මාවත අගමැති විද්‍යාලය

* මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලය සහ සිංහල විද්‍යාලය

* මාදම්පිටිය ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය

* ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

* ඛෙත්තාරාම මාවත ප්‍රජා ශාලාව

* ස්ටේට් පාර විජයබා විද්‍යාලය

* මංසිල් උත්සව ශාලාව

* ශාන්ත ජෝසප් දේවස්ථානය

* ස්ටේට් පාර විජයබා විද්‍යාලය

* නවගම්පුර ප්‍රජා ශාලාව

* අවුවල් සාවියා පාර ප්‍රජා ශාලාව

* ඛෙත්තාරාම දරුසලාම් විද්‍යාලය,

* බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලය

* ලුණු පොකුණ මහා විද්‍යාලය

* ශාන්ත ඇන්ඩෘස් විද්‍යාලය

* මාළිඟාවත්ත නැගෙනහිර ශ්‍රී සද්ධර්ම විද්‍යාලය

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉවත් කරන ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 10 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර ඒවා පහතින්.

* කැළණිය රාජමහා විහාරස්ථ විහාරමහාදේවී විශ්‍රාම ශාලාව

* ගුරුකුල මහා විද්‍යාලය

* ධර්මාලෝක විද්‍යාලය

* ධර්මදාස මහා විද්‍යාලය

* ජයතිලකාරාම විහාරස්ථානය

* වෙදමුල්ල විද්‍යාලය

* දුටුගැමුණු විද්‍යාලය

* වැලි පාර විහාරස්ථානය

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත සුරක්ෂිත මධ්‍යස්ථාන

* හේවාගම ප්‍රාථමික විද්‍යාලය

* කොතලාවල මහා විද්‍යාලය

* ඉහළ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලය

* මුණිදාස කුමාරතුංග විද්‍යාලය

* හේවාගම අභිනවාරාමය

* රණාල මහින්ද පිරිවෙන

* නවගමුව පිළිත් තිලකවර්ධන

* නවගමුව ප්‍රාථමික විද්‍යාලය

* පහළ බෝමිරිය ගුණසේකරාරාම විහාරස්ථානය

* කඩුවෙල දේවාලය

* මොරවකවත්ත ප්‍රජා ශාලාව

* යකාල ශ්‍රී ලංකාර විද්‍යාලය

* කොතලාවල සංඛපිටි විහාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *