පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

colombo puttalam

පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්
පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *