භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රේගුව මේ බව දැනුම් දී තිබේ. පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාළුම් පිළිබඳ ලේඛන ඉල්ලා තිබූ අතර, එවැනි තොරතුරු තම භාණ්ඩ පරීක්ෂණ අංශය සතුව නොමැති බව රේගුව සඳහන් කර ඇත. මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *