ලංකාවෙන් 25% කට විදුලිය විසන්ධි වෙලා – විදුලි බල මණ්ඩලය

template 30

පවතින අයහපත් කාලගුණය නිසා සමස්ත රටෙහි 25% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසනවා.

නැගෙනහිර, මධ්‍යම හා උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් එම විදුලි විසන්ධිධිවීම් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බවයි අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.

එමෙන්ම, කිලෝවෝට් 132,000 ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගය ද මේ වන විට කඩා වැටී ඇති බව ද, එය යථා තත්ත්වට පත් කිරීම සඳහා ළඟා විය නොහැකි මට්ටමක් දක්වා පැමිණ ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

පවතින තත්ත්වය යටතේ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *