හොංකොං ඛේදවාචකයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළට

template 26

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දශක ගණනාවකින් පසු හොංකොංහි ඇති වූ දරුණුතම ගින්න ලෙසින් සැලකෙන මෙම ගිනිගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කතාබහක්ද මේ වනවිට ඇතිව තිබේ.

එනම් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින මෙම නිවාස සංකීරණයේ කටයුතු සඳහා උණ බම්බු පලංචිය යොදාගෙන තිබීමක්ය.

එයද ගින්න වේගයෙන් පැතිරයාමට හේතුවක් වී තිබේ.

කෙසේ නමුත් ගින්නට නිෂ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත්, මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ අදාළ මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සමාගමක සේවය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම ගින්න නිවාදැමීම සඳහා ගිනිනිවන භටයින් 700කට වැඩි පිරිසක් සේවයේ යොදවනු ලැබීය.

නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කළ බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *