ඇමති වසන්තට එරෙහි පරීක්ෂණ ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කරයි

WhatsApp Image 2026 02 19 at 18.17.06 4

ඇමති වසන්තට එරෙහි පරීක්ෂණ ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කරයි
2022 අරගලය පැවති සමයේදී ජනාධිපති කාර්‍යාලයට අයුතු ඇතුල්වීමක් සිදු කළැයි බව කියන වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එරෙහි පරීක්ෂණ ප්‍රමාද වී ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව, අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු 49කට එරෙහිව එම විමර්ශන වසර 4ක් පුරාවට ප්‍රමාද වීමට හේතුව කුමක් දැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (18) දිනයේදී පොලිසියෙන් විමසුවා.

2022 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ජනාධිපති කාර්‍යාලයට අයුතු ඇතුල්වීමක් සිදු කළ බවට චෝදනා නගමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවරා තිබෙන නඩුවක් ඊයේ යළි කැඳවූ අවස්ථාවක දැනට ඇප මතමුදා හැර සිටින වසන්ත සමරසිංහ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ප්‍රවීණ නිළි දමිතා අබේරත්න, දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *