අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය

foodbaslls

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් ඊයේ (08) පැවැති ශ්‍රී ලංකා – අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අයර්ලන්තය ලකුණු 20කින් පරාජයට පත් කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක්ද, පැතුම් නිස්සංක ලකුණු 24ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්ද, කමිල් මිෂාර ලකුණු 14ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් බැරී මැකාති, ජෝර්ජ් ඩොක්‍රෙල් කඩුළු 02 බැගින්ද, මාර්ක් ඇඩෙයාර්, ගැරත් ඩෙලනි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 19.5 අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 143ක් පමණයි.

අයර්ලන්තය වෙනුවෙන්, හැරී ටෙක්ටර් ලකුණු 40ක්ද, රොස් ඇඩෙයාර් ලකුණු 34ක්ද, ලෝර්කන් ටකර් ලකුණු 21ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ කඩුළු 03 බැගින්ද, මතීෂ පතිරණ කඩුළු 02ක්ද, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *