නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි

WhatsApp Image 2026 02 19 at 18.17.06 2

නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයට ලිඛිතවම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු පී. පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.

එමෙන්ම මෙම පනත යටතේ සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත සති දෙකක් ඇතුළත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.

පෙත්සම්කාරියද එම මාර්ගෝපදේශ පිළිබඳ පරීක්ෂා කර ඊට සිය එකඟතාව පළ කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලැබුවා.

එමෙන්ම නතාෂා එදිරිසූරියව 2023 මැයි 27 වන දින සිදුකළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙන්ම, ඒ හරහා ඇයගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඇයට ඇති වූ මානසික පීඩාවන් පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අත්අඩංගුවට ගත් නිලධාරියා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩු කටයුත්ත මෙලෙස සමථයකට පත් කරමින් අවසන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගවිනිසුරු පී. පද්මන් සූරසේන මහතා විවෘත අධිකරණයේදී නතාෂා එදිරිසූරිය මෙනවිය වෙත සිය ඇගයීම පළ කළා.

අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව මෝසමක් මගින් අධිකරණය දැනුවත් කරන ලෙස වගඋත්තරකරුවන්ට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *