ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙලා

adyat

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙලා
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් ඊයේ (31) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *