පෙළපොත්වල රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා – මන්ත්‍රී නලීන් බණ්ඩාර

rajya lanchanaya 1

පෙළපොත්වල රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා – මන්ත්‍රී නලීන් බණ්ඩාර
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පෙළපොත්වල ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය විකෘති කර ඇති බවත්, ඒ හරහා බුද්ධාගමට සහ බෞද්ධ අනන්‍යතාවයට හානි කිරීමේ
උත්සාහයක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළා.

රජයේ නිල රාජ්‍ය ලාංඡනය මත ඉතා පැහැදිලිව බෞද්ධ දර්ශනය නිරූපණය වන ‘ධර්ම චක්‍රය’ පවතින බව පෙන්වා දුන් නලීන් බණ්ඩාර මහතා, වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශය
මුද්‍රණය කර ඇති පොත්වල එම ධර්ම චක්‍රය වෙනුවට අශෝක අධිරාජ්‍යාගේ ධර්ම චක්‍රය යොදා ඇති බවට චෝදනා කළා.

මෙය හුදු අත්වැරදීමක් නොව බුද්ධාගම විකෘති කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක කොටසක් බව ඔහු පවසනවා.

“දැන් මේ ආණ්ඩුව ලිංගික අධ්‍යාපනයට එක එක විකාර කරනවා විතරක් නෙවෙයි, බුද්ධාගමත් විකෘති කරන්න හදනවා,” යැයි පවසමින් මන්ත්‍රීවරයා රජයේ නව අධ්‍යාපනික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළා.

ඔහු පෙන්වාදෙන්නේ, රාජ්‍ය ලාංඡනයේ පවා ධර්ම චක්‍රය වෙනස් කිරීමට උත්සාහ කිරීම බරපතළ තත්ත්වයක් බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :

ඒක විතරක් නෙවෙයි, අධ්‍යාපන අමාත්‍යාංශයට තියෙන කේස්. මේ අපේ රාජ්‍ය ලාංජනය, මේ රාජ්‍ය ලාංජනයේ උඩ බොහොම පැහැදිලිව තියෙන්නේ, අපේ ධර්ම චක්‍රය. මේ ධර්ම චක්‍රය
මොකක්ද හරි එක කියලා හොයන්න ආයේ වෙනම එකක් ඕනේ නැහැ. මේ රාජ්‍ය ලාංජනය බැලුවනම් ධර්ම චක්‍රය මෙන්න තියෙනවා රාජ්‍ය ලාංජනය උඩ. දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පොත්වල
තියෙන රාජ්‍ය ලාංජනය ඒක නෙවෙයි මේකේ තියෙන්නේ, හරි ධර්ම චක්‍රය නෙවෙයි වෙන මොකක්ද ධර්ම චක්‍රයක් තියෙනවා, අපි හොයලා බලපුවාම අශෝක අධිරාජ්‍යාගේ චක්‍රය තමයි ධර්ම චක්‍රය විදිහට දාලා තියෙන්නේ.

මේ විදිහට බුද්ධාගම, ධර්ම චක්‍රය , බුදුරජාණන් වහන්සේ, මේ විදිහට තියෙන වගුවේ, ධර්ම චක්‍රයට දාලා තියෙන්නේ, අශෝක අධිරාජ්‍යණන්ගේ චක්‍රය. ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව,
ලිංගික අධ්‍යාපනයට එක එක විකාර කරනවා විතරක් නෙවෙයි, විකෘති කරන්න හදනවා, මේ බුද්ධාගමත් විකෘති කරන්න හදනවා. ඒකේ ධර්ම චක්‍රයත් වෙනස් කරන්න හදනවා. මන් දන්නේ නැහැ
අශෝක අධිරාජ්‍යා නැවත උට්ඨානයට පත් වෙලා, දැන් හෙට අපේ රටත් අල්ලගන්න හදයිද දන්නේ නැහැ. එහෙම කේස් එකක් වෙන්න හදනවද දන්නේ නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *