මහව සභාපතිගෙන් ප්‍රසිද්ධ නාලිකාවකට චෝදනා

RN Long Post 1

 

මහව සමූපකාර නිලවරණය අතරතුර නාගොල්ලාගම ජන්ද මධ්‍යස්ථානයකදී තමා සහ පොදු විපක්ෂයේ
අපේක්ෂක චානක උදයකුමාර අතර යම් බහින් බස්වීමක් සිදූවූ බවත්, එම සිදුවීම නීතිය මාර්ගයෙන් විසඳෙන
අවස්ථාවක එම පුද්ගලයාට වෙනත් කෙනෙක් විසින් සිදුකළ පහරදීමක් යම් මාධ්‍ය ආයතනයක් විසින් තමාට
එල්ල ක‍ර ඇති බව මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් තමා ගැන කිසිදු
සටහනක් නොමැති පසුබිමක චානක උදයකුමාර මහතා රෝහල් ගත්වී ඇති අවස්ථාවේ එම මාධ්‍ය විසින්
තමාගේ නම සඳහන් කරමින් සිදු කළ අභූත චොදනා තමා තරයේ හෙළා දකින බව ඔහු සඳහන් කරනවා.

මෙම සිදුවීම කිසිදු සදාචාර සම්පන්නකමකින් තොරව, මෙය ප්‍රවෘත්තියක් ලෙස විකාශය කරන විට තමාගෙන් කිසිදු
කරුණු විමසීමකින් තොරව තමාට චෝදනා කර ඇති බවත්, කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් ජනතාව කැළඹෙන ලෙස
විඩීයෝ සකස් කර තමාට අපකීර්තියක් වන ආකාරයට මෙම ප්‍රවෘත්තිය විකාශය ක‍ර ඇති බවත් ඔහු චෝදනා කරනවා.

මහව සමූපකාර නිලවරණයේදී, එකාබද්ධ විපක්ෂයට සභිකයින් 82ක් සහ ජාතික ජන බලවේගයට සභිකයින්
18ක් ‍යනුවෙන් එම මාධ්‍ය ආයතනය සිය ප්‍රවෘත්තියේ සඳහන් කර තිබුණත්, සත්‍ය වශයෙන්ම ඇත්තේ එකාබද්ධ
විපක්ෂයට සභිකයින් 77ක් සහ ජාතික ජන බලවේගයට සභිකයින් 23ක් බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේවෙතත්, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර එම මාධ්‍ය නාලිකාවේ මයික්‍රොෆෝනය වෙත ඇඟිල්ල දිගු
කරමින් ඔහු චෝදනා කළේ,

“මේ මාධ්‍ය ආයතනය මීට වඩා සදාචාර සම්පන්න වෙන්න ඕනේ රටේ මාධ්‍ය භාවිතා කරනකොට. මීට වඩා
ආදර්ශයක් දෙන්න ඕන රටේ පුරවැසියාට. අපි ගම්වල ජීවත් වෙන්නේ අපේ තියෙනවා හොඳ සංස්කෘතියක්,
හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක විනාශ කරන, අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන මාධ්‍ය භාවිතයක් වෙලා
තියෙනවා. මේ මාධ්‍ය රටෙන්ම ප්‍රතික්ශේප වෙලා තියෙනවා. මං හිතන්නේ දැඩි අප්‍රසාදය සහ කණගාටුව මම මේ
මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කරනවා. මාව පළවෙනි පුරවැසියා හැටියට මේ කරපු අපහාසයට මේ මාධ්‍ය ජාලයට දැඩි
විදිහට අප්‍රසාදය සහ කණගාටුව ප්‍රකාශ කරනවා. මොකද මාධ්‍ය භාවිතා කරනකොට මේ මොකක්ද කරන්නේ?
මොනවද කරන්නේ කියන එක හැඟීමක් නැතුව, මගෙන් කිසිම කරුණු විමසීමකින් තොරව මේ දේ කරේ. ඉතින්
ඒ වගේම තමයි මේ කාරණාව පැහැදිලි කරන්න ඕන සම්පූර්ණම. විකෘතියක් මේ කරන්නේ. සමූපකාර නිලවරණය
ගැන විකෘති ප්‍රවෘත්තියක් මේ යන්නේ.ඔවුන් අපිට පැහැදිලිවම කියනවා එකාබද්ධ විපක්ෂයට 82යි අපිට සභිකයෝ
18යි කියලා. ඒ ප්‍රවෘත්තිය සම්පූර්නයෙන් වැරදයි. අපිට සභිකයෝ 23ක් ඉන්නවා. ඔවුන්ට 77යි ඉන්නේ.
ඉතින් ඒ සියලු බොරු ප්‍රවෘත්ති මේ මාධ්‍ය ආයතනය දාන්නේ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *