ගණකාධිකරණ සීමාවාසික පුහුණුව වෘත්තීය අභ්‍යාසයක් ද? නැතිනම් ‘සුදු කරපටි’ ශ්‍රම සූරාකෑමක් ද?

WhatsApp Image 2026 01 22 at 16.53.09 6

ගණකාධිකරණ සීමාවාසික පුහුණුව වෘත්තීය අභ්‍යාසයක් ද? නැතිනම් ‘සුදු කරපටි’ ශ්‍රම සූරාකෑමක් ද?

ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකරණ (CA Sri Lanka) සිසුන් සහ කළමනාකරණ උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු සීමාවාසික පුහුණුව (Internship), වර්තමානය වන විට තරුණ ජීවිත බිලිගන්නා “අධික වැඩ සංස්කෘතියක්” (Toxic Work Culture) බවට පත්ව ඇති බවට චෝදනා එල්ල වේ.මෑතක සේවය නිමවා රාත්‍රියේ නිවස බලා යමින් සිටි චමිත් දර්ශන නම් තරුණ සීමාවාසිකයා හදිසි අනතුරකින් මිය යාමත් සමඟ මෙම කතාබහ යළි කරලියට පැමිණියේය. 2024 වසරේ ඉන්දියාවේ Ernst & Young සමාගමේ සේවය කළ ඇනා සෙබස්තියන්ගේ මරණය මෙන්ම, ලංකාවේ ද බොහෝ තරුණ පිරිස් සමාන අත්දැකීම්වලට මුහුණ දෙන බව හෙළි වී තිබේ.

සීමාවාසිකයින් කිහිප දෙනෙකු කළ විස්තරයට අනුව පැහැදිලි වූයේ සේවා ස්ථානවලදී
අතිකාල ගෙවීම් රහිත පැය 20ක සේවය කාර්යාලයේ බෝඩ් රූම් (Board Room) එකේ නිදාගනිමින් සේවය කිරීමට සිදු වීම ,විශ්වවිද්‍යාලයේ අනිවාර්ය දේශන හෝ පරීක්ෂණ සඳහා පවා නිවාඩු ලබා නොදීමට ඇතැම් ආයතන කටයුතු කිරීම,අවම වැටුප සහ උපරිම පීඩනය යනාදියට ඔවුන් ගොදුරුව ඇති බවයි.

රුපියල් 12,500ක වැනි සොච්චම් දීමනාවකට සති අන්තයේ පවා වැඩ ගැනීමට එරෙහිව සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල වී තිබේ.චමිත් දර්ශනගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කළ අතර, පවතින තත්ත්වය සමාලෝචනය කර අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය. නමුත් සිසුන් පවසන්නේ එම ආයතනයේ ඉහළ නිලධාරීන්ම මෙම ගණකාධිකරණ ආයතනවල අධ්‍යක්ෂවරුන් (Partners) ලෙස කටයුතු කරන බැවින්, තමන්ට සාධාරණයක් ඉටුවන බවට විශ්වාසයක් නොමැති බවයි.
“මේක සීමාවාසික පුහුණුවක් නෙමෙයි, සහතික පත්‍රය ලබාගැනීමට ඇති අවශ්‍යතාවය පාවිච්චි කරලා කරන නවීන පන්නයේ වහල් සේවයක්.”
– සමාජ මාධ්‍ය ප්‍රතිචාරයක්-

මෙම තත්ත්වය වෙනස් කිරීමට නම්, සීමාවාසිකයින්ගේ සේවා කාලය සහ අවම දීමනා සම්බන්ධයෙන් නව නීතිමය රාමුවක් සකස් කළ යුතු බව වෘත්තීයවේදීන්ගේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *