සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

world bankaaa 1

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවයි.

එම ගුවන් ප්‍රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වනවා.

අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණා.

ඉන් පසු IS ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්‍රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 13 වන දින සිරියාවේ පල්මයිරා ප්‍රදේශයේදී IS සංවිධානයට අයත් තනි වෙඩිකරුවෙකු විසින් සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියගොස් ඇති අතර, එම වෙඩිකරු පසුව ඝාතනය කර ඇති බව අමෙරිකානු හමුදාව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *