අපි එක ජාතියේ අය – තලතා

thhhh

අපි එක ජාතියේ අය – තලතා
එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගයට අමුතුවෙන් එකතු විමට දෙයක් නොමැති බවත් එය එක්සත් ජාතික පක්ෂය බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

ඇය මේ බව පවසා සිටියේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පක්ෂයේ එකතු විම නිවැරදි වෙලාවට නිසි අයුරින් නිසි තැනදි සිදුවන බව ඇය පැවසුවා.

පළාත්පලාන ආයතනවල සිටින එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජනබලවේගයේ සාමාජිකයින් එක්ව මෙහෙයවිමේ කමිටුවක් පත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි යෝජනා වු බව අතුකෝරල මහත්මිය සඳහන් කළා.

තවද මෙම කමිටුව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේනම් පක්ෂ දෙකේ නායකයින් එකතුවි සාකච්ඡා කිරිමට යෝජනා වු බව පැවසු අතුකෝරල මහත්මිය පක්ෂ දෙකේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එක කමිටුවක් ලෙස වැඩකලයුතු බව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *