අද කාළගුණ නිවේදනය

WhatsApp Image 2024 10 23 at 12.21.30 PM

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, සහ උතුරු පළාත්වලට සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, සහ උතුරු පළාත්වල කිහිපයක් තුළ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තද වැසිද වාර්තා විය හැකි බව දැක්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර, අද (ඔක්. 23) දිනයේ වායු ගුණ තත්ත්වය පිළිබඳ වාර්තාව පහතින් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *