ඊශ්‍රායලය හමුදාව විසින් ඉරානයේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සහ ඉරානය සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා. ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර එල්ල කර අවසන් බවයි ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ.
එමෙන්ම ඉන් අනතුරුව ඉරාකය ද සිය ගුවන් සීමාව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය විසින් මාස ගණනාවක සිට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත මෙසේ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසා සිටිනවා
2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 42,847ක් මිය ගොස් 100,544ක් තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ.
හමාස් සංවිධානය විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මිය ගොස් ඇති අතර, 200කට අධික පිරිසක් වහල්භාවයට ගෙන ඇති බවටයි තව දුරටත් එම වාර්තා සඳහන් කරන්නේ.


