භාණ්ඩාගාර බිල්පත් 29 වෙනිදා නිකුත් කෙරේ

treasurery bill web
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය.
එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ.
මෙම භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ලංසු භාර ගැනීම ඔක්තෝබර් 29 අඟහරුවාදා පෙරවරු 11.00ට අවසන් කෙරේ. භාණ්ඩාගාර බිලපත් වෙනුවෙන් අවම ලංසු මුදල රුපියල් මිලියන 5ක් වන අතර පිළිගත් ලංසුකරුවන් නොවැම්බර් 01 වැනිදා අදාළ ගෙවීම් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *