ලොව සුපතල ජර්මනියේ VOLKSWAGEN කර්මාන්තශාලා වලින් දහස් ගණන් සේවකයන් ඉවතට…

volkswagen 2
Volkswagen සමාගම ඔවුන්ගේ ජර්මනියේ පිහිටි කර්මාන්තශාලා වලින්  “අවම වශයෙන්” කර්මාන්තශාලා තුනක් වසා දැමීමටත්, දස දහස් ගනනක් කාර්ය මණ්ඩලය දොට්ට දැමීමටත්, එරට ඉතිරිව ඇති කම්හල් අඩු කිරීමටත් සැලසුම් කර ඇති බව Volkswagen සමාගමේ සේවක කණ්ඩායම පසුගියදා පැවසීය.
මෙලෙස ජර්මනියේ පිහිටි දේශීය කර්මාන්තශාලා වසා දැමීම Volkswagen හි 87 වසරක ඉතිහාසයේ පළමු වරට සිදු වනු ඇති අතර, එය ඔවුන් ජර්මනියේ විශාලතම නිෂ්පාදකයා ලෙස වර්තමානයේ මුහුණ දෙන අභියෝග වල පැතිකඩක් ලෙස හුවා දැක්විය හැක. ඉදිරි සතිවල සිදුවිය හැකි වැඩ වර්ජන සඳහා වේදිකාව සකසමින්, Volkswagen හි සේවකයන් 295,000ක් සේවයේ නියුත් අතර ඔවුන් එරට කම්කරු සංගම් හරහා මෙම සැලසුම් ව්‍යර්ත කිරීමට අර අදිමින් දී සිටී.
Volkswagen සති ගනනාවක් තිස්සේ තම වෘත්තීය සමිති සමග සාකච්ඡා වල සිරවී ඇත්තේ වියදම් කපා හැරීමට සහ ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සිදුකරනු ලබන සැලසුම් සමගය. නමුත් වෘත්තීය සමිති සහ Volkswagen සමාගම අතර ඇති ගිවිසුමකට අනුව, වැඩ වර්ජනයක් සිදුකල හැක්කේ දෙසැම්බර් 1 වෙනිදා සිට පමනක් වන අතර, “දස දහස් ගනනක්” කම්කරුවන් පවසන්නේ , කළමනාකාරිත්වය කෙරෙහි ඔවුන්ගේ අතෘප්තිමත් භාවය සහ විරෝදතාවය ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානම් බවයි
කෙසේ වුවත්සේවකයින් නියෝජනය කරන සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආසන වලින් අඩක් දරන Volkswagen හි කම්කරු කවුන්සිලය කියා සිටියේ, සියලු කම්කරුවන්ගේ වැටුප් 10% කින් කප්පාදු කිරීම ඇතුළු සැලසුම්ගත කප්පාදු – බලාපොරොත්තු වූවාට වඩා ගැඹුරු සහ “ඓතිහාසික තීරනයක්” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *