ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මරණ 93 දක්වා ඉහළට….

war web 1

ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමයින් 25 ක් සිටි බවයි.

ප්‍රහාර හමුවේ තුවාල ලැබූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟ වීම හේතුවෙන් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ලෙබනන වාර්තා ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය තුළත් ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායලය රජය තීරණය කිරීමත් සමග ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *