අපි ණය අරන් නෑ, මුදල් අච්චු ගැහුවෙත් නෑ…

money web

වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය ගැනීමක් හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කිරීමට අවසර නොමැති බව හා තමාද නව ජනාධිපතිවරයාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දැකීමට කැමැත්තෙන් පසුවන බවයි.

එවැනි මුදල් අච්චු ගැසීමක් සිදු වුයේ නම් නව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටු ජනතාවට දකින්නට ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *