කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ඇති අතර මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
එම අනතුරෙන් පසුව, 41 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ පවසා ඇති බවද වාර්තා වෙයි.


