කළුතර, මතුගම මාර්ගයේ දොඩන්ගොඩ හා රුවන්මග මංසන්ධියේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින්, යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙම මාරක අනතුර, මතුගම දෙසින් කළුතර දෙසට ධාවනය වූ ලොරි රථයක්, රියැදුරාගේ නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගොස්, ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය හා කිලෝමීටර් කණුවක ගැටීමෙන් සිදුවී තිබේ. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම අනතුර සිදුවූයේ, ඔහු නාගොඩ රෝහලේ ඇතුළත්ව සිටිනා තම බිරිඳ හා අලුත උපන් තම දරුවාගේ සුවදුක් බලා මතුගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස බලා යමින් සිටියදීය.


