ජපානය මුහුදු ජලයෙන්ම යාත්‍රා කරන නාවික යාත්‍රාවක් නිපදවයි

punsilu Recovered Recovered 8

ජපානය නාවික ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අඩු කිරීමේ නව පියවරක් ලෙස මුහුදේදීම හයිඩ්‍රජන් ඉන්ධන නිපදවා භාවිතයට ගන්නා තාක්ෂණයන් වර්ධනය කරමින් සිටී; එමඟින් සාම්ප්‍රදායික ඉන්ධන මත යැපීම අඩු කර තිරසාර නාවික ගමනාගමනයක් සදහා මාවත විවර කිරීමට ඔවුහු උත්සාහ කරති . මෑතදී වාර්තා වූ ව්‍යාපෘති අතර, මයිට්සුයි O.S.K. ලයින්ස් (MOL) සහ අනෙකුත් ජපන් ආයතන මුහුදේදී හයිඩ්‍රජන් නිපදවීම, හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ භාවිතය, සහ දෙමුහුන් බල පද්ධති පරීක්ෂා කරමින් සිටින බව සඳහන් වෙයි . කෙසේ වෙතත්, මෙය “මුහුදු ජලයෙන් සෘජුවම නොමිලේ ඉන්ධන හදාගෙන නැව ස්වයංපෝෂිතව ගමන් කරන” සරල ක්‍රියාවලියක් නොව, විදුලිය භාවිතයෙන් ජලයෙන් හයිඩ්‍රජන් වෙන් කර එය ගබඩා කර පසුව බලශක්තිය බවට පරිවර්තනය කරන ඉංජිනේරුමය පද්ධතියකි . එවැනි පද්ධති ක්‍රියාත්මක වීමට පුනර්ජනනීය ශක්තිය, ගබඩාකරණය, ආරක්ෂාව, සහ නාවික නියාමන වැනි අභියෝග කිහිපයක් ජයගත යුතු බවද වාර්තා වන අතර, එසේ වුවද ඒවා නාවික කර්මාන්තය හරිත අනාගතයකට යොමු කළ හැකි වැදගත් පරීක්ෂණයක් ලෙස සැලකේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *